අන්තිමේදී ප්‍රසාදිට ‍ආදරය තේරුනාය..(ඇත්තම ආදරේද මේ.?)


පද්මසිරි ප්‍රසාදී ව මුණ ගැසුණේ උසස් පෙළ විභාගයට සූදානම් වන අවධියේය. ඒ මීගමුව ප්‍රදේශයේ අතිරේක පංති කාමරයක් තුළ දීය. පද්මසිරි මෙන්ම ප්‍රසාදී ද එම අතිරේක පංතියේ අධ්‍යාපනය හැදෑරුවාය. දින කිහිපයක් ගත වන විට පද්මසිරිට ප්‍රසාදි පිළිබඳව ආලවන්ත සිතුවිලි පහළ වන්නට විය. ප්‍රිය මනාප පෙනුමක් තිබූ පද්මසිරි පිළිබඳව ද ප්‍රසාදි පැහැදීමකින් සිටියාය. ඒ අනුව ඔවුන් නොබෝ දිනකින් පෙම්වතුන් බවට පත් වූහ ඔවුන්ගේ ප්‍රේම කථාව මීගමුව බස් නැවතුම්පොළේ මෙන්ම නගරයේ සිනමා ශාලවල් තුළ දිග හැරුන ඔවුන්ගේ ආදර කතාන්දරය මීගමුව අතිරේක පංති වල සිසුන් අතරද ජනප්‍රිය එකක් විය. උසස් පෙළ විභාගය අවසන් විය. නමුත් පද්මසිරිගේ හා ප්‍රසාදීගේ ප්‍රේමයට තිත වැටී තිබුණේ නැත. නමුත් ඔවුන්ගේ ආදරයට බොහෝ බාධක එල්ල වන්නට ඇත. නොයෙක් ආකාරයෙන් වූ බාධක හමුවේ නොසැලී සිටීමට නොව ප්‍රේමයට ඉඩක් නොමැති ලෝකයෙන් සමුගන්නට ඔවුන් ඔවුන් කතිකා කර ගත්හ. ඒ අනුව ඒ සඳහා නියෝග දිනයක් හා ස්ථානයක්ද තෝරා ගත්හ. බස් රථයක නැගී සීදූව – රන්දොළුව මාර්ගයේ දඩුගම් ඔය පාලම උඩට ඔවුන් එන්නේ ඒ අනුවය. පාලම මත කීප අවස්ථාවක් එහා මෙහා ගිය දෙදෙනා හිටි වනම පාලම මැද නතර වීය. නතර වී උඩුගම් ඔයට පැනීමට සූදානම් වූහ.කතිකා කර ගත් පරිදි පාලම මතදී ප්‍රසාදි දඩුගම් ඔයට පැන්නාය. ඔයෙහි සැඩ පාර දිගේ ප්‍රසාදි ගසාගෙන යන අතර අත් ඔසවමින් අවස්ථා කිහිපයකදී පද්මසිරිටද ඔයට පනින ලෙස පවසා සිටියයාය. නමුත් පද්මසි‍රිගේ සිත බිරාන්ත වී වෙව්ලා ගියහ. සිය ප්‍රේමවන්තිය සැඩ පහරේ ගසාගෙන යන ආකාරය බලා සිටියද ඔයට පැනීමට තරම් ධෛර්යයක් පද්මසිරිට නොවීය. ඒ අනුව තීරණයක් ගත් පද්මසිරි රද්දොළුව සිට කොළඹ දෙසට ධාවනය වෙමින් පැමිණි බස් රථයක නැගී යන්නට ගියහ. සිද්ධිය දුටු කිහිප දෙනෙක්ට සිදු වූයේ කුමක්දැයි පැහැදිලි කර ගන්නට නොහැකිව බලා සිටියහ. විනාඩි කිහිපයක් ගත විය. ප්‍රසාදි සැඩ පහර ඔස්සේ වේගයෙන් ඇළ ඉවුර දෙසට පිහිනා එනු අවට සිටිය අය දැක්කේ ඒ මොහොතේය. ඇළ ඉවුරට පැමිණි ප්‍රසාදි තෙත බරිත වූ ඇඳුමින් ද සමඟ පාලම මතට ද පැමිණියහ. එසේ පැමිණ අවට සිටි අයට පැවසුවේ තම පෙම්වතා සමඟ එකට මියෙන්නට ඔයට පැන්නත් පෙම්වතා මඟ හැර ගිය බැවින් තමන්ට ද මිය යන්නට අවශ්‍යතාවයක් ‍නැති බව ය. පිහිනීමේ ශූරියක වූ තමන් දැන් ප්‍රේමය කුමක් දැයි හොදින් හඳුනා ගත් බව පවසා රද්දොළුව සිට කොළඹ දෙසට ධාවන වූ ඊලඟ බස් රථයට ගොඩ වූයේ තෙත බරිත වූ ඇඳුම්ද සමඟය.

Visit......